විදෙස්

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

(UTV|  යුක්රේනය) – චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 215,000 ක් පමණ සෞඛ්‍ය බලධාරීන් විසින් සමාලෝචනය කර සම්මත කර ඇති බවත්, එම එන්නත් වහාම භාවිතය අරඹන බවත් යුක්රේන සෞඛ්‍ය අමාත්‍ය මැක්සිම් ස්ටෙපනොව් ඊයේ (13දා) කියා සිටියේය.

මෙම එන්නත් ලබාදීමේදී ආරක්ෂක අංශවලට මෙන්ම, නිදහසේ ගමන් කිරීමට නොහැකි අයටද ප්‍රමුඛතාවය දෙන බව යුක්රේනය කියයි.

මිලදී ගැනීමේ ගිවිසුමට අනුව සීනොවැක් හි කොවිඩ්-19 මර්දන එන්නතෙහි අතිරේක මාත්‍රා මිලියන 1.7ක් ඉක්මනින් ලබාගැනීමටද නියමිතව තිබේ.

සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 200,000ක පළමු තොගය පසුගිය මාර්තු 25දා යුක්රේනයේ කියෙව් නගරය වෙත පැමිණියේය.

Related posts

නත්තල් සමයේදී ඔස්ට්‍රේලියාවේ ඔමික්‍රෝන් රැල්ලක්

Mohamed Dilsad

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

Mohamed Dilsad

Leave a Comment