කලා

ජනප්‍රිය රංගන ශිල්පී විවේක් දිවිගමනට සමුදෙයි

(UTV| කොළඹ) – දමිල සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වන විවේක් අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේය.    

මිය යන විට ඔහු 59 වන හැවිරිදි වියේ පසුවිය.

විවේක් චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර පසුගිය දිනක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි රෝහලකට ඇතුළත් කළේය.

ඔහු හෘදයාබාධයට ලක් වීමට දින කිහිපයකට පෙර කොවිඩ් එන්නත ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු සිය රංගනයෙන් චිත්‍රපට 500 කට වඩා සිය දායකත්වය ලබාදී තිබුණි.

Related posts

Toronto අන්තර්ජාතික චිත්‍රපට උළෙල හෙටයි

Mohamed Dilsad

Ghosted සිනමාපටයෙන් Scarlett Johansson ඉවතට

Mohamed Dilsad

ගිටාරෙට මූණ තුවාල වුණැයි යොහානි සමාජ මාධ්‍ය වෙත දන්වයි

Mohamed Dilsad

Leave a Comment