ව්‍යාපාරික

රාවුල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් පක්ෂ නායකත්වයට සමු දෙයි

(UTV | කියුබාව) – කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පිදෙල් කැස්ත්‍රෝ ගේ සහෝදරයා වන රාවුල් කැස්ත්‍රෝ නිළ වශයෙන් දන්වා තිබේ.    

පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදීමට තමා සූදානම් බව දන්වා තිබේ.

1959 සිට දශක 06ක පමණ කාලයක් කැස්ත්‍රෝ පවුලට හිමිව තිබූ කොමියුනිස්ට් පක්ෂ නායකත්වය වෙනත් පාර්ශවයකට හිමි වීමට නියමිතය.

ඒ අනුව දින 04ක් පුරා පැවැත්වෙන කොංග්‍රස් රැස්විමේදී ඡන්ද විමසීමක් මගින් නව නායකයා තෝරා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

 

Related posts

රටඉඳි අපනයනය සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් [PHOTOS]

Mohamed Dilsad

‘වසර අවසාන වන තෙක් ගෑස් හිගයක් නෑ’ – ලිට්‍රෝ

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

Editor O

Leave a Comment