ව්‍යාපාරික

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප

(UTV | කොළඹ) – දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  

එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර මෙරට සංචාරක කලාප 07ක් දැනට ක්‍රියාත්මකයි.

නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට එම සංචාරක කලාප වන අතර ඊට අමතරව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් දිවයින පුරා පිහිටා තිබේ.

එම සංචාරක කලාප හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කළහැකි බව ඇමතිවරයාගේ අදහස වන අතර නව සංචාරක කලාප ප්‍රකාශයට පත්කිරීමේ දී දැනට හඳුනාගෙන ඇති නිර්ණායක යාවත්කාලීන කිරීමට ද සිදුව තිබෙන බව සඳහන්.

Related posts

ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල පහතට

Mohamed Dilsad

ඉන්දියානු ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් කලාප තහනම මසකින් දීර්ඝ කරයි.

Editor O

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment