ගොසිප්

පෝර්ට් සිටියට ආණ්ඩුව් භික්ෂූන් වහන්සේලාත් පිල් බෙදෙයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉතා වටිනා අවස්ථාවක් බව ජාතික විද්වත් භික්ෂු සංසදය සඳහන් කරයි. 

එම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ හිඳිමින් ඩොලර් ආදායම් උපදවා ගැනීමට හැකියාවක් ලැබෙනවා එය ඉතා හොඳ දෙයක් බවයි.

වැඩිපුර ඩොලර් ලැබීම රටේ ආර්ථිකයට වඩා යහපත් දෙයක් බවත් , මෙම ව්‍යාපෘතිය මගින් 80,000 ක පමණ සෘජු රැකියා ප්‍රමාණයක් ඇති කළ හැකි යැයිද පැවසූ උන්වහන්සේ ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා බොහොමයක් ඇති වන බවද අවධාරණය කළහ.

කෙසේ නමුත් මෙම යෝජිත කොමිෂන් සභාවට ද්විත්ව පුරවැසියන් හෝ විදේශිකයන් පත්වීම වැළකිය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

මෙම වැදගත් ව්‍යාපෘතියට විරුද්ධ අය මෙහෙයවන්නේ කවුදැයි අවධානයෙන් සිටිය යුතු බව ද පැවසූ උන්වහන්සේ මීළගට ලෝක බලවතා වීමට නියමිත චීනයට එරෙහිව ඉන්දියාව සහ ඇමරිකාව කටයුතු කරමින් සිටින බවද පැවසූහ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙම පනතට විරුද්ධව පෙනී සිටියදී අභයතිස්ස හිමියන් ඊට පක්‍ෂව මතයක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ භික්ෂූන් වහන්සේලා ද කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මූලික කරගනිමින් දෙපිළ බෙදී ඇති බව උන්වහන්සේලාගේ ප්‍රකාශවලින් තහවුරු වේ.

මෙම පනත් කෙටුම්පතට පක්ෂපාතිත්වය දක්වන සියලු දෙනා දේශද්‍රෝහීන් වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

එසේම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක්ද මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන ඇත.

මේ අතර ජාතික විද්වත් භික්ෂු සංසදයේ කැදවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසන්නේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉතා වටිනා අවස්ථාවක් බවයි.

Related posts

චම්පිකගේ හොර පිස්තෝලයක් හමුවේ – පොලිස් පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

“බැසිල්ට මොළ 7ක් තියෙනවා තමයි” – ජයන්ත කියයි

Mohamed Dilsad

Leave a Comment