ක්‍රීඩා

සුපර් ලීගයෙන් එංගලන්ත පාපන්දු සමාජ ඉවත්වෙයි

(UTV | එංගලන්තය) – යුරෝපියන් සුපර් ලීග් පාපන්දු තරඟාවලිය හා එක්වන බව පැවසු එංගලන්තයේ ප්‍රධාන පෙළේ පාපන්දු කණ්ඩායම් 6ම තමන් ඉන් ඉවත්වන බව පවසයි.   

ඒ බව පළමුවෙන් ප්‍රකාශයට පත්කළේ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමයි. චෙල්සි කණ්ඩායම ද ඊට එක්වුණි.

මේ වනවිට ආ(ර්)සනල්, ලිවර්පූල්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ ටෝටන්හැම් කණ්ඩායම් ද ඊට එක්වී තිබේ.

පාපන්දු ක්‍රීඩාව රැකගැනීමේ අභිප්‍රායෙන් තමන් “යුරෝපියන් සුපර් ලීග්” තරඟාවලිය සංවිධානය කරන බව ඊට එක්වූ යුරෝපයේ ප්‍රධාන පාපන්දු කණ්ඩායම් 12ක් පසුගිය ඉරිදා නිවේදනය කළේය.

නමුත් ඊට විවිධ පාර්ශ්ව වලින් එල්ලවූයේ දැඩි විරෝධයකි.

 

Related posts

IPL කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

ආසියානු කුසලාන : ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ අවසන් ස්ථානයට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

Leave a Comment