දේශීය

මාස 2 කට පසු මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (21) වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වන 171 දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.   

මෙලෙස ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 578 ක් වන අතර , ඔවුන් අතරින් 516 දෙනකු වාර්තා වන්නේ දිවයින අභ්‍යන්තරයෙන්.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රි ලාංකිකයන් 51 සහ සංචාරකයින් එකොළහක් ද ඔවුන් අතරට අයත්.

එමෙන්ම අයි.ඩී.එච්. රෝහලට යොමුකරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද පසුගිය දින කිහිපයකට සාපේක්ෂව 40% කින් පමණ ඉහළ ගොස් ඇත. එහි මේ වනවිට ආසාදිතයින් 150 ක් පමණ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Related posts

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙක් ට සහ පුද්ගලික ලේකම්වරියකට වසර 16 සිර දඬුවම්

Editor O

රේගු බදු ආදායම පහළ ගිහින්

Mohamed Dilsad

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

Leave a Comment