දේශීය

එළැඹෙන සති 03 ශ්‍රී ලංකාවට ඉතා අවධානම්

(UTV | කොළඹ) – එළැඹෙන සති 03 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින්නැයි ද , විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ද මේ දිනවල බහුල වශයෙන් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනෙන බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

 

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

Mohamed Dilsad

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

Mohamed Dilsad

Leave a Comment