දේශීය

පොර්ට් සිටි පෙත්සම් සළකා බැලීමේ 5 වෙනි දිනය අදයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද පස්වන දිනයටත් සිදුකෙරෙයි. 

අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර අද දින කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට ඊයේ (22) විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලෙනු ඇත.

 

Related posts

නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේ

Editor O

කැරොලයින් අතහැරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට

Mohamed Dilsad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment