දේශීය

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

(UTV | කොළඹ) – මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.   

කතානායක වරයා මෙසේ පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් කිරීමත් සමග ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය .

හරීන් ප්‍රනාන්දු ගැන ඇති වූ සංවාදය ට විනාඩි හතලිස් හතක් වැය වූ බවත් එම විනාඩි 47 ට පමණක් මහජන මුදල් රුපියල් ලක්ෂ හතළිස් හතක් නාස්ති වූ බවත් කතානායක වරයා කීය.

මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙපමණ මුදලක් නාස්ති වෙනවා නම් කාලය ගැන සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවත් දැන් අප කළ යුත්තේ විවාදයට යෑම බවත් පැවැසී ය.

 

 

 

 

Related posts

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

බස් රථ මගීන්ගේ පහසුවට අලුත් ඇප් එකක්

Mohamed Dilsad

Leave a Comment