දේශීය

නව ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසුවාය.

එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය අවධාරණය කරයි.

කලින් ප්‍රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්‍රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

Related posts

මේ වසරේ ගතවූ කාලය තුළ වාහන 133,678 ලියාපදිංචි කරලා

Editor O

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

අඩු ආදායම්ලාභීන් රැකියා සඳහා නියුක්ත කිරීම සැප්තැම්බර් 02දා සිට

Mohamed Dilsad

Leave a Comment