දේශීය

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්නැයි පොලීසියෙන් උපදෙස්

(UTV | කොළඹ) – උඩුදුම්බර සහ අයගම යන ප්‍රදේශවලදී ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගැනීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

සිදුකරන ලද පැමිණිලි අනුව එම විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

උඩුදුම්බර ප්‍රදේශයේ සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් 825,000ක මුදලක් සහ අයගම ප්‍රදේශයෙන් සොයාරාගත් ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම ක්‍රෙඩිට් කාඩ්පත් සමග අදාළ රහස්‍ය අංකය ද තබා ගැනීම හේතුවෙන් සොරාගත් සැකකරුවන් විසින් අදාළ මුදල් ලබාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ් අනුව ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඒ් සමග අදාළ රහස්‍ය අංකය ද තබා ගැනීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ජනතාවට අවධාරණය කරයි.

Related posts

ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

රට බේරගන්න පොහොට්ටුව තීරණයක් ගනී.

Editor O

ඩෙංගු රෝගීන් වැඩිවෙලා

Mohamed Dilsad

Leave a Comment