දේශීය

බස්නාහිර සහ වයඹ අවධානම් මට්ටම ඉතා ඉහළයි

( UTV| කොළඹ) – බස්නාහිර සහ වයඹ පළාත්වල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එක් ආසාදිතයෙකුගෙන් වෛරසය ව්‍යාප්තවිය හැකි සංඛ්‍යාව පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

අද (24) පෙරවරුවේ තවත් කොරෝනා මරණ 4 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි.

Related posts

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 ක් නැවත සේවයට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවු.65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment