දේශීය

රාජ්‍ය සේවකයන් කැඳවන ආකාරය පිළිබද තීරණය ලබන සතියේ

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයින් කැඳවන ආකාරය ලබන සතියේ දැනුම් දෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති පොදු මාර්ගෝපදේශ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

තුන්වන අවදානම් මට්ටම මත පදනම්ව ලබන මැයි 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් සිදු කළයුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (23) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහි දැක්වෙන්නේ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවලට අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග කටයුතු කිරීමට අවසර ඇති අතර, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතු බවයි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

විදෙස් ගමන් බලපත්‍ර 98ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා නොගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment