දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බස්වලට නීතිය දැඩිව

(UTV | කොළඹ) –සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව සොයා බැලීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇති බවය.

එමෙන්ම බස් රථ තුළ ආසන ගණනට අමතරව මගීන් ගෙන නොයන ලෙසත් වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බස්රථවලින් දුර ගමන් කිරීමේදී බරපතළ තර්ජනයක් පවනිත බවත් අමාත්‍යවරයා පවසයි.

එම නිසා රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමුකළ යුතු බව ද අමාත්‍යරයා පැවසීය.

Related posts

මහජන බැංකුව අසාදු ලේඛනයට

Mohamed Dilsad

හෙට සිට තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි.පොදු ප්‍රවාහන සේවාත් කොටුවට ඒම නවතී

Mohamed Dilsad

ගත වු පැය 24ට පුද්ගලයින් 508ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment