දේශීය

කොවිඩ් උවදුර සඳහා අවසන් විසඳුම එන්නත්කරණය පමණයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී සිදුකළ මෙන්, මෙම අභියෝගය ද සාර්ථකව ජය ගැනීමට නම් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීතිරීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.   

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, කොවිඩ් -19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන බවය. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති බවද එහි දැක්වේ.

Related posts

PCR පරීක්‍ෂණවල නව තත්ත්වය

Mohamed Dilsad

මැනිං වෙළඳපලේ නොසන්සුන් තත්වයක්

Mohamed Dilsad

පැය දෙකක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment