දේශීය

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

(UTV | නුවරඑළිය) – නුවරඑළිය මහනගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ඊයේ (25) අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි.    

එම මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවය පවත්වා තිබේ.

ඒ මහනගර සභාවේ සේවකයින් සඳහාය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ, පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස්වලට පටහැනිව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවය.

Related posts

එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ ජල දූෂණය හා ජීවනෝපාය අහිමිවීම පිළිබඳ ගැටළු විසඳන ලෙස ධීවරයින් රජයෙන් ඉල්ලයි [වීඩියෝ]

Mohamed Dilsad

ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව කැඳවන්න – මංගල සමරවීර

Mohamed Dilsad

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

Mohamed Dilsad

Leave a Comment