ක්‍රීඩා

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

(UTV | ඉන්දියාව) – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායක විරාට් කෝලිට IPL බළධාරීන් විසින් දඩ පනවා තිබේ.   

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ (25) පැවැති තරගාවලියේ 19 වන තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී RCB කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් කෝලිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බව IPL සංවිධායකයින් නිවේදනය කරයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31 ක පමණ අගයක් වෙයි.

 

Related posts

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් මිකී ආතර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Mohamed Dilsad

හර්දික් පාණ්ඩ්‍යා ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment