දේශීය

චීනයේ ආරක්ෂක අමාත්‍ය අද දිවයිනට

(UTV | කොළඹ) – චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව ඇත.   

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන 29 වනදා දක්වා ඔහු මෙරට සංචාරයේ නිරත වන බවයි.

මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

Related posts

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කැළණිය සරසවියේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment