විදෙස්

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයි

(UTV | ඉන්දියාව) – අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 23,144 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.  

ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 76 ලක්ෂය ඉක්ම වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙලෙස තුන්ලක්ෂය ඉක්මවා ඇත්තේ අඛණ්ඩ 6 වන දිනටයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් නැවතත් 48,700ක වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කේරළ, කර්ණාටක, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ දිල්ලි ප්‍රාන්තවලින් ද ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

Related posts

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ලන්ඩන් ප්‍රහාරයට සැක කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment