දේශීය

බ්‍රිතාන්‍ය විකෘති කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ රැසක පැතිරෙයි

(UTV | කොළඹ) – කොළඹ , බොරළැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල මේ දිනවල වැඩි වශයෙන් පැතිරයමින් තිබෙන්නේ මහ බ්‍රිතාන්‍යයේ පැතිරයන කොවිඩ් වෛරසයේ බී 1 යි 1 යි 7 නැමති ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදුකළ පරික්ෂණයකදී අනාවරණ වී තිබේ.   

මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනයවීමෙන් මරණයට පත්වීමේ හැකියාව සාමාන්‍ය කොවිඩ් 19 ප්‍රභේදයකට වඩා 55 % ක් දක්වා ඉහළ අගයක් ගන්නා බවයි විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇත්තේ.

එමෙන්ම නව වෛරස ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ හැකියාව සාමාන්‍ය වෛරස ප්‍රභේදයකට වඩා 50 % ක පමණ ඉහළ අගයක් ගන්නා බවද අනාවරණ වී ඇත.

Related posts

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා

Mohamed Dilsad

Leave a Comment