දේශීය

ජනපති සහ චීන ආරක්ෂක ඇමති අතර හමුවක් [PHOTOS]

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.   

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය.

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

 

Related posts

ජනපතිගේ ලිපියට විමල් – පාඨලී ගෙන් පිළිතුරු

Mohamed Dilsad

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

Mohamed Dilsad

🔴 JUST IN : 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment