ක්‍රීඩා

නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 06 ක ක්‍රිකට් තහණමක් පණවා ඇත.  

ඒ ICC ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහුට තාවකාලික තරග තහණමක් පණවන ලද 2018 වසරේ ඔක්තෝබර් 31 වනදා සිට මෙම ක්‍රිකට් තහනම බලාත්මක වනු ඇති.

පහත සඳහන් වගන්ති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නුවන් සොයිසා වැරදිකරු වී තිබේ.

2.1.1 වගන්තිය – අන්තර්ජාතික තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, ගලායාම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට ගිවිසුමකට හෝ උත්සාහයකට පක්ෂ වීම.

2.1.4 වගන්තිය – 2.1 වන වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

2.4.4 වන වගන්තිය – දූෂණ මර්ධන නීති පද්ධතිය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු දූෂණ මර්ධන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.

Related posts

සිය තතුරෙන් ඉවත්වන බව අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අවසන් කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

නවසීලන්තයට කඩුලු 10 ක ජයක්.

Mohamed Dilsad

Leave a Comment