ක්‍රීඩා

දිමුත් සහ ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසකින් ඉදිරියට

(UTV | කොළඹ) – නවතම ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.  

ඊට අනුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයකින්ම ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, බංග්ලාදේශයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 244 ක් රැස් කළ දිමුත්, ශ්‍රේණිගත කිරීම්හි 15 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු 676 කට හිමිකම් කියමින්.

අදාළ තරගයේ දී ලකුණු 166 ක් රැස් කළ ධනංජය ද සිල්වා ප්‍රසාද ලකුණු 601 ක් සමගින් 28 වන ස්ථානයේ මේ වන විට රැදී සිටියි. මීට පෙර ඔහු රැදී සිටියේ 35 වන ස්ථානයේ යි.

Related posts

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අදයි

Mohamed Dilsad

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment