දේශීය

බස්නාහිරින් යන එන අයට විශේෂ නිවේදනයක්

(UTV| කොළඹ) – කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිතය.  

පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පහත දැක්වෙන තෝරාගත් ස්ථානවල දී එම පරීක්ෂාවන් සිදුකරන බවත් එහිදී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ජනතාව යොමුකිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පරීක්ෂාවන් සිදුකරන ස්ථාන

01. කොච්චිකඩේ තෝප්පුව පාලම
02. කොටදෙණියාව බඩල්ගම පාලම
03. නිට්ටඹුව හැලගල හන්දිය
04. මීරිගම ගිරිඋල්ල පාලම
05. දොම්පේ සමනබැද්ද පාලම
06. හංවැල්ල වනහාගොඩ පාලම
07. අලුත්ගම බෙන්තර පාලම
08. තිනියාවල හන්දිය
09. ඉංගිරිය කැටකැදැල්ල පාලම
10. බදුරලිය – කලවාන සමන් දේවාලය අසල
11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල

 

Related posts

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

අවුරුදු සමයට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Mohamed Dilsad

සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment