දේශීය

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.   

ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරු සිදු නොකරන ලෙසට ද ධීවරයින්ගෙන් ඉල්ලා සිටින බව ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළේය.

කහ වැනි නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෞඛ්‍ය ආරක්ෂිතව ධීවර කටයුතුවල යෙදීමෙන් කොරෝනා අවදානමෙන් මෙරට ධීවරයින් ආරක්ෂා කිරීමට හැකි බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

Editor O

Leave a Comment