දේශීය

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

(UTV| කොළඹ) – රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද (30 ) කැමැත්ත පළකර ඇත.   

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා මෙසේ කැමැත්ත පළ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන්නේ සහභාගි කරවන්නයි ඉදිරියේදී කතානායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ඇත.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් සහ සහෝදරයාව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

Leave a Comment