ක්‍රීඩා

අභ්‍යන්තර මත ගැටුම් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර වැටුප් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිව තිබෙන බවට පල වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.  

එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ වාර්ෂිකව කොන්ත්‍රාත් ගිවිසුම් අලුත් කිරීම සිදු කරන බැවින්, නව කොන්ත්‍රාත් සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් දෙපාර්ශවය අතර පොදු එකගතාවයකට එළඹීමට උත්සාහ කරන බවයි.

එබැවින් ඒ පිළිබද කිසිදු මත ගැටුමක් නිර්මාණය වී නොමැති බවත්, කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් සුහද සාකච්ඡා තවදුරටත් සිදු වෙමින් පවතින බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

Related posts

ආසියානු රග්බි ශූරතා තරඟාවලියේ පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථය යලි ඉදිකිරීමට නැවත මිල ගණන් කැඳවීමට සුදානම්

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment