විදෙස්

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

(UTV | ඉන්දියාව) – කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රධාන ප්‍රාන්තයක් දිනාගැනීමට අපොහොසත්ව ඇත.   

එම ප්‍රතිඵල අනුව මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත කිහිපයකදීම ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බලය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ ප්‍රාන්ත කිහිපයකින් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිව ඇති බවත්, ජනතාව ප්‍රබල ලෙස මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති බවත් එම වාර්තාවල සඳහන්.

ඒ අනුව, වත්මන් මහ ඇමති මමතා බැනර්ජි විසින් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කර ඇත.

ප්‍රාන්ත මැතිවරණයෙන් ඇසෑම් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකින්ම මෝදි මහතාගේ පක්ෂයට පරාජය අත්වී තිබේ.

එය කොවිඩ් වසංගත තත්ත්වය පාලනයේදී භාරතීය ජනතා පක්ෂ රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අනතුරු ඇගවීමක් බවට විචාරකයන් පෙන්වා දෙයි.

 

Related posts

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා ප්‍රභේදය ඇමෙරිකාවටත්

Mohamed Dilsad

ඉන්දියාවේ එන්නත්කරණ පෙරහුරුව අද

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පුද්ගලයන්ට එරට රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment