දේශීය

ව්‍යාජ දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට (PHOTOS)

(UTV | කිළිනොච්චිය) – රුපියල් අට ලක්ෂ දස දහසක ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 810 ක් සමග සැකකරුවකු කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

සැකකරු වයස අවුරුදු 43 ක තිදරු පියෙකු වන අතර මුදල් නෝට්ටු සමග ඔහුව කිළිනොච්චිය පොලීසිය වෙත බාරදීමට කටයුතු කර ඇත.

එම සැකකරුගේ නිවස පොලීසිය විසින් දැඩි ලෙස පරීක්ෂා කොට ඇති අතර ඔහුට මෙම ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු හමු වූ ආකාරය පිළිබදව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

හෂාන් තිලකරත්නගේ බිරිඳට සජිත්ගෙන් සංවිධායක ධූරයක්

Editor O

විනිමය අනුපාතය අඩු-වැඩිවීම සහ අර්ථිකයේ ප්‍රගතිය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment