දේශීය

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

(UTV | කොළඹ) – රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහ දුම්රිය මගීන් ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ.

ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ – ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දේ.

මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ අඹේපුස්ස, කොළඹ පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව පවසයි.

Related posts

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසෙයි [RELEASE]

Mohamed Dilsad

එන්නත් කුප්පි ජාවාරමක් ගැන තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්

Editor O

Leave a Comment