දේශීය

සෞඛ්‍ය හේතූ මත ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය හේතූ මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි සතියෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය.

ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇදන් 2,000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා පළකල අදහස් ,

“අපි ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දීය සංචාරකයන් ලංකාවට ගෙන ඒම පිළිබඳව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ දීලා තියෙන උපදෙස් අනුවයි. ඉන්දියාවෙන් සංචාරකයින් ගෙන්වන එක සති දෙකකට තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. අනිකුත් සංචාරකයින් සම්බන්ධවත් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

ඉන්දියාවට සෞඛ්‍ය හේතූ මත හෝ වෙනත් අවශ්‍යතා මත ගිය පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපෙක්ෂා කරනවා. ඉදිරි සතියේ දී ඒ අයට එන්න බැහැ. සතියකට පසුව සංවිධානාත්මක ආකාරයෙන් ඒ අයව රට තුළට ගෙන්වා ගැනීමට අදහස් කරනවා. ඕනෑ ම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපි ගුවන්තොටුපළ සංවිධානය කරලා තිබෙනවා

ඒ නිසා අලුතෙන් ක්‍රමවේද අනුගමනය කළ යුතු වෙන්නේ නැහැ. නමුත් තවත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියලා උපදෙස් දීලා තිබෙනවා. ලංකාව විතරක් නෙවෙයි මුලු ලෝකයේ ම සංචාරක කර්මාන්තය මේ වන විට අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්න හුරුවෙන්න වෙලා.

දැනට ඉන්දියාවට පණවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් සති දෙකකට පසුව නැවත සමාලෝචනයක් සිදු කළ යුතුයි. අපි එම සමාලෝචනයෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව අවශ්‍ය තීන්දු තීරණ ගන්න ලෑස්තියි.”

 

Related posts

සර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම 31 වෙනිදා

Editor O

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් කෙරේ

Mohamed Dilsad

ගෝලීය ආර්ථික අවපාතයක් ගැන IMF වෙතින් දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment