දේශීය

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

(UTV | කොළඹ) – අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.  

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින්ටත් කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන ලෙස සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ බස්රථ වල කොවිඩ් ආසාධිත මගීන් ගමන් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා බස්රථ රියදුරන් සහ රිය සහයකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

 

Related posts

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

Editor O

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment