දේශීය

විදෙස්ගතව සිට පැමිණෙන්නන් සියල්ලන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම විදේශීය සංචාරකයින් සඳහා දින 14 ක නිරෝධායන කාල සීමාවක් පැනවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.   

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ විදෙස්ගතව සිට පැමිණෙන සියලූ ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඊට යටත් වන බවයි.

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී PCR පරීක්ෂණයකට යොමුවීම අනිවාර්ය වෙයි.

එමෙන්ම දින 11 – 14 ත් අතර කාලයේදී ඔවුන් දෙවන PCR පරීක්ෂණයට යොමු විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත.

එහිදී සෘණාත්මක PCR පරීක්ෂණයක් ප්‍රථිඵලයක් ලැබුණහොත් පමණක් ඔවුන් නිරෝධායනයෙන් මුදා හැරිය යුතු බව එහි සඳහන් වෙයි.

මෙම නියමයන් ලබන 31 වනදා දක්වා බලාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ ගැන නීතිපතිවරයාගේ නිවේදනය හරියට අධ්‍යනය නොකර ප්‍රකාශ නිකුත් කිරීම යහපත් දෙයක් නෙවෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල

Editor O

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

Editor O

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සැප්තැම්බර් 02දා

Editor O

Leave a Comment