දේශීය

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර ඇති බව එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. 

නමුත් හදිසි ශල්‍ය කර්මයන් සිදු කෙරෙන බව ද ඒ මහතා අවධාරණය කරයි.

රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ද ඔහු පැවසී ය.

අධ්‍යක්ෂවරයා කියා සිටියේ කොරෝනා ආසාදිතයින් පැමිණිය ද ඔවුන් වෙනම වාට්ටු දෙකකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන බවයි.

Related posts

ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවලවලට යුධ හමුදාපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි

Mohamed Dilsad

SJB මෙවර මැයි දිනය මහනුවරදී

Mohamed Dilsad

Leave a Comment