දේශීය

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ නිවසින් බැහැරව යා හැක්කේ මෙලෙසයි

(UTV | කොළඹ) – හෙට සිට මැයි 31 දක්වා අත්‍යවශ්‍ය ⁣නොවන කටයුතු සඳහා නිවසෙන් පිටවිය හැක්කේ ජාතික හැඳුනුම්පතේ, රියදුරු බලපත්‍රයේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ අවසන් අංකය අනුව පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.   

ඒ අනුව, ජාතික හැඳුනුම් පත් අංකයේ අවසන් ඉලක්කම ඔත්තේ සංඛ්‍යාවක් (1,3,5,7,9) නම්, අදාළ පුද්ගලයින්ට නිවසින් බැහැර වීමට අවසර ලැබෙන්නේ ඔත්තේ දිනවල වේ.

ජාතික හැඳුනුම් පත් අංකයේ අවසන් ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් (0,2,4,6,8) නම්, එම පුද්ගලයින්ට නිවසින් බැහැර වීමට අවසර ලැබෙන්නේ ඉරට්ටේ දිනයන්හිදී ය.

ඒ අනුව, පුද්ගලයින් සිය ජාතික හැඳුනුම් පත මේ සඳහා භාවිත කළ යුතු අතර ජාතික හැඳුනුම් පතක් නොමැති නම් විදේශ ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය මේ සඳහා භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එලෙස අනන්‍යතාව තහවුරු කළ නොහැකි අවස්ථා වලදී ග්‍රාම නිලධරීවරයගෙන් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ හැකි බවය.

විදේශිකයන් ට ද ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය මේ සඳහා භාවිත කළ හැකි වේ.

කෙසේ වෙතත්, මෙය අත්‍යවශ්‍ය සේවා, හදිසි රෝගී තත්ත්ව සඳහා රෝහල් වෙත ගමන් කිරීම රාජකාරී කටයුතු සඳහා පිටත්ව යන රාජ්‍ය හා පුද්ගලික අංශයේ පුද්ගලයින් සඳහා අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අද (මැයි 12) සිට ක්‍රියාත්මක වන පරිදි දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇත.

කෙසේ වෙතත්, හෙට (මැයි 13) රාත්‍රී 11.00 සිට මැයි 17 සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා බලපැවැත්වෙන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

මෙරට තේ අපනයනය ඉහළ යයි

Mohamed Dilsad

ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි කියපු පොල්තෙල් සාම්පල් 30 ක ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

Mohamed Dilsad

කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි මිලත් නගී

Mohamed Dilsad

Leave a Comment