දේශීය

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

(UTV| කොළඹ) – පාතාල කල්ලි නායක ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිධාරින් අද අලුයම සැකකරු විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම රේන්දපොල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි.

එහිදී ඇතිවු සිද්ධියකදී පොලීසිය වෙඩි තැබීමක් සිදු කර ඇති අතර කොස්ගොඩ තාරක තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ද තුවාල ලබා ප්‍රථිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළොත් දුම්රිය ධාවනය මෙහෙමයි

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

Mohamed Dilsad

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment