කලා

මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගනී

(UTV |මෙක්සිකෝව) – 69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් විය.   

මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක වන ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළඳි තුන්වන මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත්වෙයි.

මෙම තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73 දෙනෙකු සහභාගී වී සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙමිනෝල් හාඩ් රොක් හොලිවුඩ් හෝටල් පරිශ්‍රයේ දී 2020 විශ්ව රූ රැජින අවසන් මහා තරඟය සංවිධානය කර තිබුණි.

බ්‍රසීලය, ඉන්දියාව, පේරු රාජ්‍ය සහ ඩොමිනිකානු ජනරජය නියෝජනය කළ තරඟකාරියන්, ඇන්ඩ්‍රියා සමඟ අවසන් පස්දෙනා අතර පැමිණි සෙසු තරඟකාරියන් වෙයි.

 

Related posts

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment