ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම T 20 තරගාවලිය ඕස්ට්‍රේලියාව සමග

(UTV | කොළඹ) – 2021 – 22 තරග වාරයට අදාළ ජාත්‍යන්තර තරග කාලසටහන ඔස්ට්‍රේලියාව විසින් අද (19) නිවේදනය කළේය.   

එම තරග වාරයට ශ්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරග 5ක් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

එංගලන්තය, ඉන්දියාව, ඇෆ්ඝනිස්තානය සහ නවසීලන්තය ද එම තරග වාරයේ දී එරට සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි තරග 5කින් යුත් 20 – 20 තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 11 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 20 – 20 ඉතිහාසයේ ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත් වනු ඇති.

එළඹෙන ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය ද තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සදහන් කර තිබුණ ද පසුව වාර්තා වූයේ එය තරග 3කින් යුත් තරගාවලියක් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි.

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග කාලසටහන =

Feb 11: 1st T20, SCG

Feb 13: 2nd T20, The Gabba

Feb 15: 3rd T20, Metricon Stadium

Feb 18: 4th T20, Adelaide Oval

Feb 20: 5th T20, MCG

 

Related posts

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

මැතිව්ස් යළි නායකත්වයට

Mohamed Dilsad

ක්‍රිකට් තරගාවලිය අහිමි වෙන බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනා

Mohamed Dilsad

Leave a Comment