දේශීය

400කට කොවිඩ් හැදුනු ‘කම්හලේ’ ආපනශාලා සේවකයා මරුට – වහා පරීක්ෂණ කරන්නැයි නියෝග

(UTV |  කෑගල්ල) – කෑගල්ලේ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී මරණයට පත්ව තිබේ.   

කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍ය සේවා අංශ මේ වනවිට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

කර්මාන්ත ශාලාවේ ඵක් අංශයක සේවකයන් 2000 ක් දින දෙකකට පෙර PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර දැනට ඉන් 400කට කොරෝනා වෛරසය ආසාදිතයන් වී ඇති බව තහවුරුවී ඇත.

ඉදිරි පරීක්ෂණවල PCR වාර්තා පැමිණෙන විට මෙම තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය සේවා අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර තුල්හිරියේ පිහිටි මෙම කර්මාන්තශාලාවේ සේවකයන් 400 එකවර කොවිඩ් ආසාදනය වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිල්වා මහතාට අද (20) නියෝග කළේය.

කර්මාන්තශාලාවල සෞඛ්‍යය ආරක්ෂක කමිටු පිහිටුවා කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ,හාම්පුතුන්ට සහ වෘත්තී සමිති නායකයන්ට දිගින් දිගටම උපදෙස් දී තිබිය දී, මේ සා විශාල සේවක පිරිසක් එකම කර්මාන්තශාලාවක දී කොවිඩ් වෛරසයට ගොදුරුවීම බරපතළ කනගාටුදායක තත්ත්වයක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිසි පරිදි පිළිබඳ කටයුතු කළේ ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් හා විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

එසේම දැනට ක්‍රියාත්මක පෞද්ගලික අංශයේ කර්මාන්තශාලාවල සහ සේවා ස්ථානවල මෙම සෞඛ්‍ය කමිටු සක්‍රීය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන්ගෙන් හා වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

Mohamed Dilsad

එන්නත නොමැති නම් දුම්රිය සේවකයින් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

Editor O

Leave a Comment