දේශීය

පාකිස්තාන මහ කොමසාරිස් හා අගමැති අතර හමුවක්

(UTV | කොළඹ) – පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කට්ටක් මහතා 2021 මැයි 26 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

මෙම රැස්වීමේදී ආර්ථික සහයෝගිතාව, වෙළඳාම, අධ්‍යාපන සහයෝගිතාව සහ ක්‍රීඩා ඇතුළු දෙරට අතර සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.ඊට අමතරව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික උරුමයන් සහ ආගමික සංචාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. ආගමික සංචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පාකිස්තාන රජය විසින් ගනු ලබන විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

විශේෂයෙන්, මෑතකදී ශ්‍රී ලංකා භික්ෂූන් වහන්සේලාගේ පාකිස්තාන සංචාරය සහ ශ්‍රී ලංකා චිත්‍රපට නිෂ්පාදකවරිය සමඟ එක්ව පාකිස්තානයේ ගාන්ධාර බෞද්ධ සම්ප්‍රදායේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම පිළිබඳව විස්තර කළේය.පාකිස්තාන රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වය යටතේ සෑම ක්ෂේත්‍රයකම ශ්‍රී ලාංකික සිසුන්ට ලබා ගත හැකි උසස් අධ්‍යාපන අවස්ථා පිළිබඳවද මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

සහෝදර රටවල් දෙක අතර සහයෝගීතාවයේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීමට පාකිස්තානය සැමවිටම සූදානම් බව පැවසීය.දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ අතර ආගමික සංචාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා, පූජනීය අග්‍රහේරා කස්සපා හිමි සහ චිත්‍රපට හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ කෞශල්‍යා වික්‍රමසිංහ මහත්මියද මෙම හමුවීමට සහභාගී වූහ.

Related posts

ස්විස්ටර්ලන්තයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් ලක්ෂ 40 ක වෛද්‍යාධාර

Mohamed Dilsad

හඳුන්නෙත්ති යළිත් කෝප් කමිටුවේ සභාපති ධූරයට

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදිගෙන් අගමැතිට දුරකථන ඇමතුමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment