දේශීය

12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් සුදුසු බවට යුරෝපයෙන් අනුමැතියක්

(UTV| යුරෝපය) – වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත සුදුසු බවට යුරෝපා වෛද්‍ය ඒජන්සිය අනුමත කර ඇත.   

ඒ අනුව යුරෝපා මහද්වීපය තුළ අදාළ වයස් කාණ්ඩය සඳහා අනුමැතිය හිමිවූ පළමු එන්නත බවට ෆයිසර් එන්නත පත්වෙයි.

මේ අනුව මහද්වීපයේ එක් එක් රට විසින් එන්නතේ ඉදිරි භාවිතය සම්බන්ධයෙන් තීරණ ගත යුතු අතර ජර්මනිය විසින් දැනටමත් ඒ සඳහා අවසරය පරිනමා අවසන්.

යුරෝපා මහද්වීපය තුළ එන්නත්කරණ වැඩපිලිවෙල වේගවත් කල යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දිනයේදී ප්‍රකාශ කිරීමත් සමග මෙම අනුමැතිය හිමිවීමද විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතය අවසන්වීමට ලොව පුරා ජනගහණයෙන් 70 % ක් හෝ එන්නත්කර අවසන් විය යුතු වෙයි.

 

Related posts

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

Mohamed Dilsad

නීතියේ අපක්ෂපාතීත්වය ගැන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට ගැටළුවක්

Editor O

Leave a Comment