දේශීය

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඉදිරි දින දෙක තුළ මෙම පුහුණු කිරීම් කටයුතු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත.   

දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හි ඇඟළුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ඉලක්ක කර ගනිමින් විශේෂිත එන්නත්කරණ වැඩසටහනක් දියත් කිරීමට ද තීරණය කර තිබේ.

මෙරට ආර්ථිකය නගාසිටුවීමට ඝෘජුවම දායකත්වයක් දෙන වෙළෙඳ කලාපවල සේවයේ නියුතු සේවක සේවිකාවන් ආරක්ෂා කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇත.

බස්නාහිර පළාතට මෙන් ම ප්‍රමුඛත්වය ලබාදිය යුතු අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවට ද එන්නත්කරණය සිදු කිරීමට සැලැසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යවරිය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

 

Related posts

කොළඹ වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින්ට පැමිණීම තහනම් කරයි

Mohamed Dilsad

අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම තහනම් කරයි

Mohamed Dilsad

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment