දේශීය

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

(UTV | කොළඹ) -තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද තහවුරු කළ මරණ 42න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 13 දෙනා කාන්තාවන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

Related posts

සිමෙන්ති ආනයනයට පනවා ඇති බද්ද අඩු කරයි.

Editor O

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

Leave a Comment