විදෙස්

බ්‍රසීල ජනපතිගේ කොවිඩ් දුර්වල කළමණාකරණයට එරෙහිව ජනතාව වීථි බසී

(UTV | බ්‍රසීලය) – කොවිඩ් තත්ත්වය කළමණාකරණය කිරීමේදී ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ගේ රජය දුර්වල පිළිවෙතක නිරත වන බවට චෝදනා කරමින් බ්‍රසීල ජනතාව රට පුරා විරෝධතා ආරම්භ කර ඇත.    

ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ යුතු බවටත් එන්නත්කරණය ඉහළ දැමිය යුතු බවටත් බල කරමින් බ්‍රසීලියා අගනුවර කොංග්‍රස් ගොඩනැගිල්ල ඉදිරිපිට විශාල ජනකායක් එක් රැස්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මේ වනවිට බ්‍රසීලයෙන් කොවිඩ් මරණ හාර ලක්ෂ 60 දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි.

එමෙන්ම බ්‍රසීලයේ කොවිඩ් ආසාධිතයන් ගණන මිලියන 16 ඉක්මවා ගොස් ඇති අතර එය ලොව 03 වන වැඩිම කොවිඩ් රෝගීන් ගණනයි.

වසංගතය ආරම්භයේ සිටම එය බරපතල ලෙස තැකීමකින් තොරව කටයුතු කිරීම හමුවේ බ්‍රසීලය තුළ මෙවන් තත්ත්වයක් උදාවූ බවට රටවැසියන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරයි.

Related posts

එවරස්ට් කන්දේ උස තව වැඩිවෙයි

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

Leave a Comment