දේශීය

හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(UTV | කොළඹ) – කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.   

එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

තේ කෝප්පයක මිල රුපියල් 30න් අඩු වෙයි

Mohamed Dilsad

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පෞද්ගලික රෝහල්වල සහාය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment