දේශීය

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ කොටසක් මුහුදේ ගිලෙයි [PHOTOS]

(UTV | කොළඹ) – ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටසේ සිදුවන ජල කාන්දුව හේතුවෙන් එය මේ වනවිට ගිලෙමින් පවතින බව මීපා හෙවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.   

පානදුර සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීම සහ මීගමුව කලපුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ ධීවර දෙපාර්තමේන්තුව විසින් එම තීරණය ගෙන ඇති බවයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව දැනට පවතින ස්ථානයේ ගිලී යාම ආරම්භ වී ඇති බවට නෞකාවේ ගලවා ගැනීමේ සමාගම විසින් දන්වා තිබීම ඊට හේතුව බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කාංචන විජේසේකර මහතා කියා සිටියා.

එමෙන්ම කිසියම් අයුරකින් තෙල් කාන්දුවක් සිදුවුවහොත් සිදුවිය හැකි පරිසර හානිය වළක්වාලීම සඳහා පියවර ගනිමින් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

May be an image of outdoors

May be an image of outdoors

Related posts

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

Mohamed Dilsad

විභාග රැසක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

වතු කම්කරුවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙල 1 වනදා සිට

Mohamed Dilsad

Leave a Comment