ක්‍රීඩා

ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට දරන අවසන් උත්සාහය

(UTV| කසකස්තාන) – ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට දරන අවසන් උත්සාහය ලෙස කසකස්තානයේදී ජූනි මස 19 – 20 දෙදින පැවැත්වෙන කසකස්තාන විවෘත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කසකස්තානයෙන් ඉල්ලීමක් කර තිබේ.   

ඒ සඳහා කසකස්තානයෙන් අවසර ලැබුණහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් තරගාවලියට සහභාගි කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලැසුම් කර තිබේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා වඩාත් ආසන්න අවස්ථාව හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනකු කෙරෙහි විශ්වාසය තබමින් එහිදී කසකස්තාන් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා තිබේ.

නිමාලි ලියනආරච්චි, ඩිල්ෂි කුමාරසිංහ (මීටර 800 කාන්තා), කාලිංග කුමාරගේ (මීටර 400 පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම පිරිමි), නදීෂා රාමනායක (මීටර 400 කාන්තා) හා යුපුන් අබේකෝන් (මීටර 100 පිරිමි) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කසකස්තාන් විවෘත තරගාවලියට නිර්දේශ වී සිටිති.

පසුගිය මැයි 8 වැනිදා ඇමෙරිකාවේදී උස පැනීම (පිරිමි) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 2.30) පිහිටුවූ උෂාන් තිවංක පෙරේරාට ද මෙම තරගාවලියට ආරාධනා කර ඇතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කසකස්තාන තරගාවලියට සහභාගි විය නොහැකි බවයි.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

Mohamed Dilsad

IPL ගිය මහේල නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment