දේශීය

අද සියලු සතොස ශාඛා විවෘතයි

(UTV | කොළඹ) – අද (03) දිනයේදී සියලු සතොස ශාඛා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  

සතොස අලෙවිසැල් ජාලය, ආරක්ෂක අංශ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.

 

Related posts

තවත් 81ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන්

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment