දේශීය

පැය 24 ක් තුළ විදෙස්ගත ලාංකිකයින් 1,664 ක් දිවයිනට

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින පෙරවරු 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,664 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.  

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව මෙම කාල සීමාව තුළ ගුවන් යානා 22 කින් ගුවන් මගීන් 989 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 23 කින් ගුවන් මගීන් 675 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

එම පිරිස අතර පාකිස්තානයේ ලාහෝර් වෙත 129 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 137 දෙනෙකු ද සිටිති.

මෙම කාල සීමාව තුළ මත්තල ගුවන් තොටුපළ තුළ කිසිදු ගුවන් යානා මෙහෙයුම් කටයුත්තක් සිදුනොවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Related posts

නුගේගොඩ ගොඩනැඟිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ

Mohamed Dilsad

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස රංගන හේරත් පත් කෙරේ

Mohamed Dilsad

මධ්‍යහ්න 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රතිශතය

Mohamed Dilsad

Leave a Comment